පළමු වරට නව බීජ වියළීමේ පද්ධතියක්

March 25, 2024 - 5:15 PM
වී, බඩ ඉරිඟු, මුං ඇට, කව්පි, තල සහ කුරක්කන් වැනි බීජ ආරක්ෂිතව වියළා ගැනීම සඳහා නව බීජ වියළීමේ පද්ධතියක් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට හඳුන්වා දී තිබෙනවා.

මෙය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන්නේ, සුර්ය බලයෙන් වීම විශේෂත්වයක්.

එමෙන්ම රාත්‍රී කාලයට ද බීජ වියළීම සඳහා අවශ්‍ය ප්‍රශස්ත උෂ්ණත්වය කිසිඳු වියදමකින් තොරව සූර්ය බලශක්තිය යොදා ගනිමින් ලබා ගැනීමට හැකි බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සඳහන් කළා.
(lknews.lk)