ඉන්ධන මිල ගැන අලුත් කතාවක් කරලියට
January 10, 2024 - 11:59 AM
ඉන්ධන මිල සියයට 500කින් ඉහළ දැමීමට කියුබානු රජය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ලබන පෙබරවාරි මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමෙන බවයි කියුබානු රජය නිවේදනය කර ඇත්තේ.
අයවැය හිඟය අඩු කිරීමේ එක් පියවරක් ලෙස මෙම පියවර ගන්නා අතර ඉන්ධන මිලට අමතරව විදුලි ගාස්තු ද සියයට 25කින් ඉහළ දැමීමට සිදුවන බව කියුබානු රජය ප්‍රකාශයට පත් කර ඇත්තේ
එරට උද්ධමනය ද මේ වන විට ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර ඉන්ධන මිල සියයට 500කින් ඉහළ දැමීම හරහා එම තත්ත්වය තවදුරටත් උග්‍ර වනු ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා.
මිලියන 11ක ජනගහනයක් වෙසෙන කියුබාව 1990 වසරට පසුව දරුණුතම ආර්ථික අර්බුදයට මේ වන විට මුහුණ දී සිටිනවා.
(lknews.lk)