මේ වසරේ මෙරට තුළ නව සංචාරක සැලැස්මක්

February 09, 2024 - 2:24 PM
2024 වසරේ ඉදිරි කාලසීමාව තුළ නව සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව සංචාරක අමාත්‍යාංශය පවසනවා.

මෙය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත්තේ ජර්මනිය, ජපානය, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව සහ මැද පෙරදිග රටවල් ඉලක්ක කර ගනිමින්.

ඒ අනුව මේ වසර තුළ සංචාරකයින් මිලියන 5ක් ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බවයි සංචාරක අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.
(lknews.lk)