නව වීසා ක්‍රමවේදයක්

January 19, 2024 - 11:50 AM
පෙර පැවැති වීසා ක්‍රමවේදයේ තිබූ සංකීර්ණභාවය සරල කරමින් නව වීසා ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙනවා.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය සඳහන් කර සිටියේ ඉදිරි සති දෙකේ එය ක්‍රියාත්මක කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.

ඊයේ (18) පෙරවරුවේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර ඇත්තේ.

විද්‍යුත් ගමන් බලපත්‍රය හඳුන්වා දී මේ රටේ ගමන් බලපත්‍රය ලෝකයම පිළිගන්නා ගමන් බලපත්‍රයක් බවට මේ වසරේදී පත්කරන බවයි එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පාලක ජනරාල්වරයා පැවසුවේ.

මෙම නව ක්‍රමවේදය ඔස්සේ වීසා අලුත් කර ගැනීමට මෙරටට නොපැමිණ තමන් සිටින රටේ සිට ඔන්ලයින් මාර්ගයෙන් කර ගැනීමටත් හැකියාව ලැබෙනවා.

එමෙන්ම මෙරටට පැමිණෙන ආයෝජකයන්ට වසර 10ක වීසා ලබාදීමටත්, නිත්‍ය වාස වීසාවක් ලබාදීමටත් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවද සඳහන්.
(lknews.lk)