වැල්ලවායෙන් අලුත් දිය ඇල්ලක් මතු වෙයි

November 30, 2023 - 7:53 AM

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නෙටොල ප්‍රදේශයේ අතිශය සුන්දර පරිසරයක වර්ෂාපතනය සමග නව දිය ඇල්ලක් සක්‍රිය වී තිබෙනවා.

මෙම දිය ඇල්ල ගැන පිළිබඳව බොහෝ දෙනා නොදන්නා නිසා දිය ඇල්ල සංචාරකයින් අතර ප්‍රසිද්ධ නොමැති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පවසන්නේ.

කෙසේ වෙතත් දිය ඇල්ල පිළිබඳව දන්නා පුද්ගලයින් දිය නෑමට සහ විනෝද වීමට පැමිණෙන අතර මේ දිනවල දිය ඇල්ල අවට දර්ශන ඉතාමත් අලංකාර බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කරන්නේ.
(lknews.lk)