රියදුරු බලපත්‍රය ලබා ගැනීමට නව ක්‍රමවේදයක්

March 04, 2024 - 2:10 PM
මෝටර් රථ දෙපාර්තමේන්තුව හරහා සේවා ලබා ගැනීමේ දී දිනයක් සහ වෙලාවක් වෙන්කර ගැනීම අද (04) සිට අනිවාර්ය කර තිබෙනවා.

සියලු දිස්ත්‍රික් කාර්යාල හරහා සේවා ලබාගැනීමේදීත් එම ක්‍රමවේදය ක්‍රියාත්මක වනවා.

ඒ සඳහා විශේෂ අංකයක් ද නිකුත් කර තිබෙනවා.

එමෙන්ම පහත වෙබ් අඩවියෙන් ද එම සේවාවන් ලබාගත හැකි බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ මහතා සඳහන් කළා.

එම වෙබ් අඩවිය පහතින්,

https://dmtappointments.dmt.gov.lk/

(lknews.lk)