මත්කුඩු ප්‍රවාහනයට ඔරලෝසුවක් යොදා ගනී

November 27, 2023 - 5:03 PM
ඔලුබොඩුව ප්‍රදේශයේදී පුද්ගලයෙක් සැකපිට අත්අඩංගුවට ගෙන සිදු කළ පරික්ෂාවේදී මත් කුඩු පැකට් ප්‍රවාහනය කරන නව ක්‍රමයක් අනාවරණය කර ගැනීමට හැකි වූ බව පොලිසිය පවසනවා.

ඒ අනුව පොලිසිය පැවසූවේ, බැඳ සිටින අත් ඔරලෝසු තුළ මත්කුඩු පැකට් සඟවා ප්‍රවාහනය කර ඇති බවයි.

සැකකරු හොරයින් මත්කුඩු පැකට් ප්‍රවාහනය කරන බවට මොරගහහේන පොලිසියේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.

පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි සැකකරු 33 හැවිරිදි පුද්ගලයකු බවයි වාර්තා වන්නේ.

සැකකරු විසින් මේ ආකාරයෙන් සැකයක් ඇති නොවන පරිදි මත්කුඩු පැකට් විවිධ ප්‍රදේශවලට බෙදා හැර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වුණා.

පොලිසිය සඳහන් කළේ අදාළ සැකකරු කාන්තාවන් මුදලට අලෙවි කරන ස්ථානයක කළමනාකරු ලෙස සේවය කරන බවයි.

එම සැකකරු හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
(lknews.lk)