සුරාසල් ගැන දැනුම්දීමක්

February 01, 2024 - 12:46 PM
දිවයින පුරා සුරාසල් පෙබරවාරි 04 වනදා වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ, 76 වන නිදහස් සැමරුම හේතුවෙන්.

සුරාසල් වැසිය යුතු වේලාවේ සිට යළි විවෘත කිරීමේ වේලාව දක්වා සියලුම සුරාසල් වසා තැබිය යුතු බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

ඒ අනුව නැවත සුරාසල් විවෘත වන්නේ පෙබරවාරි 05 වනදායි.
(lknews.lk)