උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වූ සිසුන්ට දැනුම්දීමක්

April 28, 2025 - 11:59 AM
සියලුම පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන් හට ප්‍රතිඵල සටහනක් (Result Schedule) බාගත කිරීම / නිරීක්ෂණය කිරීම සඳහා අද (28) දින සිට පහසුකම් සලසා ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඒ අනුව, https://onlineexams.gov.lk/eic සබැඳියට පිවිස, ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීම මඟින් ප්‍රතිඵල සටහනක් බාගත කර ගැනීම හෝ නිරීක්ෂණය කිර්ම සඳහා පහසුකම් සලසා ඇති බවයි.

එමෙන්ම , http://www.doenets.lk සහ http://www.results.exams.gov.lk යන ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි ඔස්සේ ප්‍රතිඵල ලබා ගත හැකි බවද ප්‍රකාශ කළා.

මේ අතර, සියලුම විදුහල්පතිවරුන් හට https://onlineexams.gov.lk/eic සබැඳියට පිවිසීම මඟින් අයදුම්පත් එවීම සඳහා දැනටමත් ලබා දී ඇති පරිශීලක නාම (User Name) සහ මුරපද (Password) භාවිතා කර අදාළ පාසලේ විභාග ප්‍රතිඵල ලේඛනය බාගත කර මුද්‍රිත පිටපතක් ලබා ගැනීමට පහසුකම් සලසා තිබෙනවා.

එමෙන්ම සියලුම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත ලබා දී ඇති පරිශීලක නාම (User Name) සහ මුරපද (Password) භාවිතා කර https://onlineexams.gov.lk සබැඳිය මඟින් පළාතේ/කලාපයේ සියලු පාසල්වල ප්‍රතිඵල බාගත කර ගැනීම/නිරීක්ෂණය කිරීමේ හැකියාවක් පවතින බව සඳහන් කළා.

පාසල්වල මුද්‍රිත විභාග ප්‍රතිඵල ලේඛන, විදුහල්පතිවරුන් වෙත නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු නිකුත් කරන බව දැනුම් දී ඇති අතර ප්‍රතිඵල නැවත සමීක්ෂණ සඳහා https://onlineexams.gov.lk/eic සබැඳිය ඔස්සේ 2025.05.02 දින සිට 2025.05.16 දින දක්වා අයදුම්පත් ඉදිරිපත් කළ යුතු බව වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.


(lknews.lk)