සනත් නිශාන්ත මහතාගේ අවසන් කටයුතු පිළිබඳව දැනුම්දීමක්

January 25, 2024 - 5:06 PM
කටුනායක අධිවෙගයේදී සිදු වූ අනතුරින් අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 28 වන ඉරිදා සිදුකිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව ආරච්චිකට්ටුව ප්‍රදේශයේ දී අවසන් කටයුතු සිදුකිරීමට සැලසුම්කර ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවේ. 
 
සනත් නිශාන්ත මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා අද පස්වරු 5.30 බොරැල්ලේ ජයරත්න මල්ශාලාවට රැගෙන එන අතර දේහය හෙට (26) පෙරවරු 10.30ට පුත්තලමේ පිහිටි ඒ මහතාගේ නිවස වෙත රැගෙන යනු ඇති.
(lknews.lk)