අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුවත් කිරීමක්

March 19, 2024 - 4:15 PM
රජයේ සියලු‍ පාසල් සිසුන් වෙත 2024 වර්ෂය‍ට අදාළව පෙළ පොත් සහ නිල ඇඳුම් රෙදි ලබාදීම පිණිස කටයුතු කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරනවා.

ඒ අනුව පාසල් පෙළ පොත් සහ නිල ඇඳුම් රෙදි දිවයිනේ සියලු‍ම කොට්ඨාස අධ්‍යාපන කාර්යාල ‍වෙත මේ වන විටත් ලබා දී අවසන් ව ඇති බවයි අමාත්‍යාංශය පැවසුවේ.

මෙතෙක් පාසල් පෙළ පොත් සහ නිල ඇඳුම් රෙදි නොලද කිසියම් පාසලක් වෙතොත් ඒ පිළිබඳ පහත දුරකථන / ෆැක්ස්/ ඊමේල් මඟින් වහාම දැනුම් දෙන මෙන් අධ්‍යාපන අමාත්‍යාංශය අදාළ විදුහල්පතිවරුන් වෙත දන්වා තිබෙනවා.

පාසල් පෙළ පොත්
දුරකථන අංක – 0112784815/0112785306, ෆැක්ස් – 0112784815 ,විද්‍යුත් ලිපිනය – epddistribution2024@gmail.com

නිල ඇඳුම් රෙදි
දුරකථන අංක – 0112785573 ,ෆැක්ස් – 0112785573 ,විද්‍යුත් ලිපිනය – schoolsupplymoe@gmail.com
(lknews.lk)