ගුවන් මගියෙකුගෙන් නියමුවෙකුට ප්‍රහාරයක්

January 15, 2024 - 1:03 PM
ගුවන් මගියෙකු ඉන්ඩිගෝ ගුවන් නියමුවෙකුට පහර දුන් බව දිල්ලි පොලීසිය පවසනවා.

ඒ දිල්ලි ගුවන් තොටුපළේ ගුවන්ගත වීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් නිවේදනයක් කරමින් සිටියදීයි.

එම සිද්ධිය සම්බන්ධයෙන් ගුවන් සේවා ආරක්ෂක ඒජන්සිය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව නිලධාරීන් පවසනවා.

මෙම සිදුවීම සිදුව ඇත්තේ, ජනවාරි 14 වැනි ඉරිදා දිල්ලියේ සිට පස්වරු 1 ට පමණ ගෝවා බලා පිටත් වීමට නියමිතව තිබූ අංක 6E 2175 දරණ ගුවන් යානය තුළදීයි.

මීදුම හේතුවෙන් ගුවන්ගතවීම ප්‍රමාද කිරීමට සිදුවූ බවයි ගුවන් සමාගම පවසන්නේ.

කෙසේ වෙතත්, ගුවන් සේවකයින් සහ තවත් මගීන් කිහිප දෙනෙක් පැමිණ පහර දුන් මගියාව කැඳවාගෙන ගොස් තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ආරක්ෂක ඒජන්සිය පවස අතර, ගුවන් සමාගම දිල්ලි පොලීසියට පැමිණිල්ලක් ගොනු කර ඇති බව සඳහන්.
(lknews.lk)