ජර්මනියෙන් කොවිඩ් එන්නත 217ත් වතාවක් ලබාගත් පුද්ගලයෙක්

March 06, 2024 - 1:17 PM
ජර්මනියේ 62 හැවිරිදි පුද්ගලයෙක් වෛද්‍ය උපදෙස් නොතකා කොවිඩ් එන්නත 217ත් වරක් එන්නත් කරගෙන ඇති බව වෛද්‍යවරු පවසනවා.

'The Lancet Infectious Diseases' ජර්නලයේ සඳහන් වන්නේ, ඔහු එම මාත්‍රා පුද්ගලිකව මිලදී ගෙන මාස 29ක් ඇතුළත එන්නත් කර තිබූ බවයි.

එම පුද්ගලයා එසේ මාත්‍රා විශාල ගණනක් ලබා ගත්තද ඉන් මෙතෙක් ඔහුට අතුරු ආබාධයක් නොමැති බව මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂා කළ විශේෂඥයින් පැවසුවා.
(lknews.lk)