විදේශ රැකියා දෙන බව කියා මුදල් වංචාවක් කළ අයෙක් අත්අඩංගුවට

January 07, 2024 - 2:33 PM

විදේශ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 16කට අධික මුදලක් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු 44 හැවිරිදි පානදුර - ගල්තුඩාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන් කුලියාපිටිය විශේෂ අපරාධ විමර්ශන කාර්යාංශයට ලැබුණු තොරතුරක් මත සිදු කළ වැටලීමක දීයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ජපානයේ රැකියාවක් ලබාදෙන පවසා සැකකරු විසින් රුපියල් 1,619,000ක මුදලක් වංචා කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
(lknews.lk)