ශ්‍රී ලංකා - තායිලන්ත වෙළෙඳ ගිවිසුමට එරෙහිව පෙත්සමක්

March 07, 2024 - 5:28 PM
ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර අත්සන් කර තිබෙන නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්, මුදල් හා වෙළෙඳ අමාත්‍යංශ වල ලේකම්වරු ඇතුළු 27 දෙනෙකු එහි වග උත්තරකරුවන් ලෙස නම් කර තිබුණා.
(lknews.lk)