ඩෙංගු උණට පෙත්තක්

October 23, 2023 - 5:53 PM
ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගම විසින් ඩෙංගු උණ සඳහා පෙත්තක් නිපදවා තිබෙනවා.

එම සමාගම ඉදිරිපත් කරන ලද දත්ත වලට අනුව, එක්සත් ජනපදයේ දී සිදුකළ අත්හදා බැලීමකදී රෝගීන් අතලොස්සක් තුළ ධනාත්මක රෝගය සුව වීමේ තත්ත්වයක් පෙන් වූ බවයි විදෙස් මාධ්‍ය පැවසූවේ.

වර්ධනය වන රෝග තර්ජනයක් වන ඩෙංගු රෝගය සඳහා දැනට නිශ්චිත ප්‍රතිකාර නොමැති බව චිකාගෝ හි ඇමරිකානු නිවර්තන වෛද්‍ය හා සනීපාරක්ෂක සංගමය පවසනවා.

ඒ අනුව එහි වාර්ෂික රැස්වීමේදී මෙම ප්‍රතිකාරවලට අදාළ දත්ත ඉදිරිපත් කිරීමට නියමිතයි.
(lknews.lk)