අධිකරණ පරිශ්‍රයේ බීමතින් හැසිරුණු පොලිස් කොස්තාපල්වරයෙකු රිමාන්ඩ්

December 05, 2023 - 2:46 PM
පේදුරුතුඩුව මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති විමර්ශනයකට අදාළව බීමතින් පැමිණ එහි වැඩ කටයුතුවලට බාධා කළ පොලිස් කොස්තාපල්වරයෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

මාලිගාවත්ත පොලිසියට අනුයුක්තව සේවය කරන මොහු සම්බන්ධයෙන් අධිකරණය නියෝග කළේ අද (05) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටයි.

සැකකාර පොලිස් කොස්තාපල්වරයා ඊයේ (04) නඩු කටයුත්තක් සඳහා පෙනී සිටීමට පේදුරුතුඩුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ සිටියේ මත්පැන් පානය කර බවට අනාවරණය වී තිබෙනවා.

එහිදී ඔහු අධිකරණ කටයුතුවලට බාධා වන ආකාරයෙන් හැසිරීම හේතුවෙනුයි අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කර ඇත්තේ.
(lknews.lk)