වසර 25කට පසු ගාසා තීරයෙන් පෝලියෝ රෝගියෙක්

August 18, 2024 - 4:49 PM
ඊශ්‍රායල සහ හමාස් යුද ගැටුම්වලට මැදිව සිටින ගාසා තීරයෙන් වසර 25කට පසුව පෝලියෝ රෝගියෙකු හමුවී තිබෙනවා.

පලස්තීන සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ, මෙලෙස පෝලියෝ රෝගය වැළඳී ඇත්තේ මධ්‍යම ගාසා තීරයේ එන්නත්කරණයට ලක් නොවූ මාස 10ක් වයසැති බිළිඳෙකුට බවයි.

මීට පෙර එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පෝලියෝ රෝගය යළි ව්‍යාප්ත වීමේ අවදානමක් මතුවිය හැකි බවට අනතුරු ඇඟවීමක්ද සිදුකර තිබෙනවා.

ඒ යුද ගැටුම් හේතුවෙන් මාස 11ක් පුරා එන්නත්කරණ කටයුතු නතර කිරීම හේතුවෙන්.

(lknews)