චීනයෙන් ඌරු මස් රසැති කෝපි පානයක්

February 21, 2024 - 4:22 PM
ලෝක ප්‍රසිද්ධ කෝපි අවන්හල් ජාලයක් මඟින් කෝපි පානයට ඌරු මස් රසය එක් කරමින් අලුත්ම කෝපි රසයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ චීනයේ චන්ද්‍ර අලුත් අවුරුද්ද සනිටුහන් කරමින්.

ඔවුන් මෙම පානය නම් කර ඇත්තේ 'Abundant Year Savory Latte' ලෙසයි.

ඌරු මස් රසැති මෙම පානයෙහි මිල යුවාන් 68 නොහොත් ඩොලර් 9.45 වන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පැවසුවා. 
(lknews.lk)