උත්සව සමයේදී බිත්තර මිල අඩු වෙයි

December 04, 2023 - 9:59 AM
වෙළඳපොළේ බිත්තර මිල යළි ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව පසුගිය කාලයේ රුපියල් 42 ක මිලට පැවති බිත්තරයක්, මේ වනවිට වෙළඳපොලේ රුපියල් 45 ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ආර්.එම්. සරත් රත්නායක මහතා පැවසූවේ එළඹෙන උත්සව සමයේදී බිත්තර මිල ඉහළ නොදමන බවයි.
(lknews.lk)