මහ බැංකු නිලධාරීන්ගේ වැටුප් අඩු කිරීමට සූදානමක්

March 17, 2024 - 6:02 PM
ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන්ගේ වැඩි කර ගත් වැටුප් අඩු කර ගැනීමට යෝජනා ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධානීන්, වෘත්තීය සමිති නියෝජිතයින් ඇතුළු අදාළ පාර්ශ්වවලට දැනුම් දී ඇති බව එම බැංකු ආරංචි මාර්ග පවසනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සිය වැටුප් සියයට හැත්තෑවකින් වැඩි කර ගැනීම සම්බන්ධයෙන් නිර්දේශ ඇතුළත් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ වාර්තාව 20 වැනි බදාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ජනාධිපතිවරයා පැවසුවේ, එම වාර්තාවේ නිර්දේශ සැළකිල්ලට ගෙන අවශ්‍ය පියවර  ගන්නා බවයි.
(lknews.lk)