ළූණුවලට මිල පරාසයක්

April 04, 2024 - 4:36 PM
මහජනතාව සහ වෙළඳ ප්‍රජාව දැනුවත් කිරීමට ආනයනික ළූණු වර්ග සඳහා ඇස්තමේන්තු මිල පරාසයක් සතිපතා නිකුත් කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ප්‍රකාශ කළා.

ඒ අනුව රතු ළූණු කිලෝවක් රුපියල් 384ත් 422ත් අතර මිලකට ද ආනයනික ලොකු ළූණු කිලෝවක මිල රුපියල් 278ත් 306ත් අතර මිලකට ද අලෙවි වනවා.

එමෙන්ම රෝස ළූණු කිලෝවක් රුපියල් 305ත් 335ත් අතර මිලකට අලෙවි කළ යුතු බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ.
(lknews.lk)