අත්‍යාවශ්‍ය ආහාර ද්‍රවය 6ක මිල සංශෝධනයක්

February 06, 2024 - 12:52 PM
මීට පෙර අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය 6ක් සඳහා නිකුත් කර තිබු උපරිම තොග සහ සිල්ලර මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.

මෙලෙස සංශෝධනය කර ඇත්තේ ආනයනික හාල්මැස්සන්, වියළි මිරිස්, ආනයනික ලොකු ළුණු, ආනයනික අර්තාපල්, සුදු සීනි සහ මයිසුර් පරිප්පු යන ආහාර ද්‍රවයයි.

වියළි මිරිස් කිලෝවක් රුපියල් 870ක්, සුදු සීනි කිලෝවක් රුපියල් 265ටත්, ලොකු ළුණු කිලෝවක් රුපියල් 320ටත්, ආනයනික හාල්මැස්සන් රුපියල් 900ටත් අලෙවි කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසුවා.

එමෙන්ම පරිප්පු කිලෝවක් රුපියල් 295ක සහ අර්තාපල් කිලෝවක් රුපියල් 120ක තොග මිලකට ලබා දීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබෙනවා.
(lknews.lk)