අපනයනය සහ ආනයනය ඉහළ නැංවීමට වැඩපිළිවෙළක්

January 09, 2025 - 6:57 PM
අපනයන සහ ආනයන ක්‍රියාවලියේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය අවධානය යොමු කර තිබෙනවා.

අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මේ සඳහා අවශ්‍ය පහසුකම් ආනයන සහ අපනයන දෙපාර්තමේන්තුව සපයන බවයි.

මේ සම්බන්ධයෙන් නියෝජ්‍ය මුදල් අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයට දැනුම්දී තිබෙනවා.

තෝරාගත් රජයේ ආයතන කිහිපයක සිය සේවාව ඩිජිටල් සහ මාර්ගගත ක්‍රම ඔස්සේ ක්‍රියාත්මක කරවීමට නියමිතයි.

(lknews)