දුරගමන් සේවා බස් රථ විශේෂ පරික්ෂාවකට ලක් කිරීමේ වැඩපිළිවෙලක්
May 14, 2025 - 9:57 AM
දුරගමන් සේවා බස් රථ විශේෂ පරීක්ෂාවට ලක්කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා විසින් සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු උසස් පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, දුරගමන් සේවා බස් රථ අනතුරට ලක්වීමේ සිදුවීම් දිනෙන් දින ඉහළයාම නිරීක්ෂණය වීම හේතුවෙන් මෙලෙස බස් රථ විශේෂ පරීක්ෂාව සිදුකරන බවයි.
රාත්‍රී කාලයේදී දුර ගමන් සේවා බස් රථ විශේෂ පරීක්ෂාවට ලක්කර බීමත්ව රිය ධාවනය, මත්ද්‍රව්‍ය භාවිතා කර රිය ධාවනය, අපරික්ෂාකාරී හා අන්තරාදායක ලෙස රිය ධාවනය යන රථවාහන වැරදි සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා විසින් අදාළ නිලධාරින්ට උපදෙස් ලබාදී ඇති බව වැඩිදුරටත් සඳහන් කළා.
වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කළේ ඒ අනුව පොලිස් කොට්ඨාසවලට අයත් තොරාගත් සුදුසු ස්ථාන කිහිපයක රාත්‍රී කාලයේ නිලධාරි කණ්ඩායම් යොදවා මාර්ගයේ ධාවනය වන රථවාහන සහ බස් රථ විශේෂ පරීක්ෂාවට ලක් කිරීමටත් උපදෙස් ලබාදී ඇති බවයි.
එමෙන්ම පොලීසියේ යතුරුපැදි සංචාර ඒකකවල නිලධාරීන් මඟින් මාර්ගයේ අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කරන බස් රථ පරීක්ෂාවට ලක්කර නීතිය ක්‍රියාත්මක කිරීමටද වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය උපදෙස් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළා.
(lknews.lk)