සජිත්ගෙන් පොරොන්දුවක්

March 03, 2024 - 11:24 AM
තමා ජනාධිපතිවරයා බවට පත්වුව හොත් රටේ සියලු පාසල් සුහුරු පාසල් බවට පරිවර්තනය කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඒ, තිස්සමහාරාම - තෙළුල්ල කනිෂ්ඨ විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමින්.

ජනතාව මේ වසරේ දී නිවැරදි තීන්දුව ගත හොත් සමගි ජන බලවේගය මෙරට අධ්‍යාපනයේ සාධනීය විප්ලවයක් ඇති කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.
(lknews.lk)