ක්‍රිකට් පාලක මණ්ඩලය ඉවත් විය යුතු බවට යෝජනාවක් හෙට පාර්ලිමේන්තුවට

November 08, 2023 - 6:50 PM

ක්‍රිකට් පාලක මණ්ඩලය ඉවත් විය යුතු බවට ඒකාබද්ධ යෝජනාවක් පාර්ලිමේන්තුවේ දී හෙට(09) විවාදයට ගෙන සම්මත කර ගැනීමට තීරණය කර තිබෙනවා.

ඒ පාර්ලිමේන්තුවේ දී අද පැවති විශේෂ පක්ෂ නායක රැස්වීමේදී යි.

ක්‍රිකට් ආයතනය පිළිබද පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එකඟත්වයෙන් තීරණයක් ගැනීම සඳහා විශේෂ පක්ෂ නායක රැස්වීමක් පස්වරු 1.30 ට පාර්ලිමේන්තුවේදී පැවති අතර එහිදීයි මෙම තීරණය ගෙන ඇත්තේ.
(lknews.lk)