ශ්‍රී ලංකන් පාලන අධිකාරියට ඇමති නිමල් සිරිපාලගෙන් රතු එළියක්

March 11, 2024 - 5:00 PM
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මෙහෙයුම් සහ මූල්‍ය ප්‍රගතිය ඉදිරි මාස 06ක කාලය තුළ දී පෙන්විය යුතු බව අද (11) පෙරවරුවේ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් එහි පාලනාධිකාරියට සහ වෘත්තීය සමිති වෙත දැනුම් දී තිබෙනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙන්නේ, වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍යාංශයේ පැවති විශේෂ සාකච්ඡාවකදීයි.

එසේ නොවුණහොත් 6000ක පමණ සේවකයින්ගේ රැකියාවල අස්ථාවරභාවයක් ඇතිවන බවද අමාත්‍යවරයා කියා සිටියා.

එමෙන්ම ජනාධිපතිවරයාගේ යෝජනාවකට අනුව ශ්‍රී ලංකන් ගුවන් සේවය බැංකු සහ ආයතන කිහිපයකට ගෙවීමට තිබූ ඇමරිකානු ඩොලර් බිලියන 1.2ක පමණ ණය ප්‍රමාණයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 510ක් පමණ රජය විසින් ගෙවා දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව මාස 06ක් තුළ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අනවශ්‍ය වියදම් කපා හැර මනා මූල්‍ය විනයක් සමාගම තුළ ඇති කර ගත යුතු බවත් ඒ සඳහා පරිපාලනය සහ වෘත්තීය සමිති ඒකාබද්ධව කටයුතු කළ යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.
(lknews.lk)