පොල් තෙල් නිෂ්පාදනයට රතු එළියක්

February 16, 2024 - 10:09 AM
මෙරට වාර්ෂික පොල් තෙල් අවශ්‍යතාව සපුරාලීමට දේශීය නිෂ්පාදනය ප්‍රමාණවත් නොමැති බව මිනුවන්ගොඩ ප්‍රදේශයේ පොල් තෙල් නිෂ්පාදකයින් පවසනවා.

දේශීය පොල් තෙල් නිෂ්පාදනයේ නිසි සමතුලිතතාවයක් පවත්වා නොගතහොත් පොල් තෙල් කර්මාන්තය කඩා වැටෙන බවයි ඔවුන් සඳහන් කළේ.

මේ වනවිට රටේ වාර්ෂික පොල් නිෂ්පාදනය පොල් ගෙඩි මිලියන 2800-3200ක් වන අතර එය ගෘහස්ථ පරිභෝජනයට ගතහොත් 70%ක් දක්වා ඉහළ යන බව ඔවුන් සඳහන් කළා.

මේ හේතුවෙන් දැනට වෙළඳපළේ පවතින පොල් තෙල් බෝතලයක මිල රුපියල් 600 කින් පමණ ඉහළ යන බවයි ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ.    
(LKNEWS)