බේරේ වැව සම්බන්ධව වාර්තාවක් කැඳවයි

December 05, 2023 - 5:37 PM

බේරේ වැව සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය හා ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් සකස් කළ වාර්තා ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීම සඳහා මෙම දෙසැම්බර් 15 දිනට පෙර ලබා දෙන ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා විසින් අදාළ ආයතන ප්‍රධානීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

එසේම කොළඹ නගර අලංකරණ සැලැස්ම හා එහි වර්තමාන ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් ද ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීම සඳහා කඩිනමින් ලබා දෙන ලෙසයි සාගල රත්නායක මහතා අදාළ ආයතන ප්‍රධානීන්ට වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ.

ජනාධිපති මාධ්‍ය අංශය මේ පිළිබඳව නිකුත් කළ නිවේදනය පහතින් දැකිය හැකියි.
(lknews.lk)