වාර්මාර්ග දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක්

March 04, 2024 - 4:56 PM
ඇති වී තිබෙන වියළි කාලගුණය හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස වාර්මාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

මෙම උණුසුම් කාලගුණය අප්‍රේල් මාසයේ මැද දක්වා පවතින බැවින් මේ පිළිබඳව සැළකිලිමත් වන ලෙස එම දෙපාර්තමේන්තුව පැවසුවා.

සතුන් පිළිබඳව ද විශේෂ සැළකිල්ලක් දක්වන ලෙස ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එමෙන්ම කිරි ගවයින් සම්බන්ධයෙන් වීශේෂ අවධානයක් යොමු කරන ලෙස එහි අධ්‍යක්ෂිකා ආචාර්ය හේමාලි කොතලාවල පැවසුවා.
(lknews.lk)