මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගෙන් ඉල්ලීමක්

February 26, 2024 - 8:44 PM
ඇල්පිටිය, පතිරාජවත්ත ප්‍රදේශයේ අද පෙරවරු 7.35ට පමණ සිදු කළ වෙඩිතැබීමකින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරිකවරයා සිය නිවස තුළදීම ඝාතනයට ලක්ව තිබුණා.

එම සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් හා කඩිනම් විමර්ශනයක් සිදු කළ යුතු බව එම සංගමය පවසා තිබෙනවා.

මේ සිදුවීම හේතුවෙන් මහජන සෞඛ්‍ය පරික්ෂකවරු කම්පනයට හා බියට පත් වී ඇති බව එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා වැඩිදුරටත් කියා සිටියා.
(lknews.lk)