විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ඉල්ලීමක්

January 17, 2024 - 10:25 AM
විදේශ රැකියාවක් සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට තම ගමන් බලපත්‍රය හෝ මුදල් ලබා දීමට පෙර ඔවුන්ගේ වලංගුභාවය පරීක්ෂා කරන්නැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය රැකියා අපේක්ෂකයන්ගෙන් ඉල්ලීම් කරනවා.

ඔවුන්ගේ බලපත්‍රය සහ රැකියා ඇණවුම් සම්බන්ධයෙන් කාර්යාංශයේ වෙබ් අඩවියෙන් හෝ 1989 අංකය ඇමතීමෙන් තොරතුරු ලබාගත හැකියි.

විදෙස් රැකියා වංචාකරුවන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි එම කාර්යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

පසුගිය කාලය තුළ විදෙස් රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධින් රැසක් වාර්තා වී තිබුණා.
(lknews.lk)