කොවිඩ් එන්නත ගැන පර්යේෂණයක්

February 21, 2024 - 4:54 PM
හෘදයේ සහ මොළයේ ඇතිවිය හැකි ආබාධ තත්වයන් මඳ වශයෙන් වැඩිවීමට කොවිඩ් එන්නත හේතුවී ඇති බවට විද්‍යාඥයින් පිරිසක් සිදු කළ පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා.

නමුත් කොරෝනා වෛරසයට ගොදුරු වීමෙන් ඇති විය හැකි අවදානම ඊට වැඩි බව අදාළ වාර්තාවෙහි දැක්වෙනවා.

සෞඛ්‍ය සංවිධානයේ පර්යේෂණ අංශය වන 'ග්ලෝබල් වැක්සීන් ඩේටා නෙට්වර්ක්' මඟින් මෙම පර්යේෂණය සිදු කර තිබුණා.

එය මෙතෙක් කොවිඩ් එන්නත් සම්බන්ධයෙන් සිදු කර ඇති විශාලතම පර්යේෂණය වශයෙන් සැළකෙනවා.
(lknews.lk)