පර්යේෂණයකින් වම්බටු වල අහිතකර කෘමිනාශක අඩංගු බව හෙළි වෙයි

March 07, 2024 - 11:18 AM
වෙළෙඳපොලේ අලෙවි කිරීමට තිබෙන වම්බටු වල මිනිසාට අහිතකර කෘමිනාශක පවතින බව හෙළි වී තිබෙනවා

ඒ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආහාර විද්‍යා හා තාක්ෂණ අධ්‍යන අංශය විසින් කරන ලද පර්යේෂණයකින්.

ඒ අනුව වෙළෙඳපොලෙන් ලබාගත් නැවුම් වම්බටු සාම්පලවලින් සියයට 23ක මිනිසාට අහිතකර කෘමිනාශක අවශේෂ තිබෙන බව සොයාගෙන තිබෙනවා.

එළවළු සහ පලතුරු සිසිල් ජලයෙන් සෝදනවා වෙනුවට ඊට විනාකිරි හෝ ලුණු එකතු කර සේදීමෙන් මෙම පළිබෝධනාශක ඉවත් කිරීමේ හැකියාව පවතින බව එම විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ ආහාර හා විද්‍යා තාක්ෂණ අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය පියුම් ද ඒ අබේසුන්දර පැවසුවා.
(lknews.lk)