අර්ජුනගෙන් ක්‍රිකට් සම්බන්ධව හෙළිදරව්වක්

December 29, 2023 - 12:43 PM
ඉන්දියාව සමඟ එක් වී මෙරට ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කළ සියලුදෙනාව තමන් ඉදිරි මැතිවරණයකදී හෙළිකරන බව හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් හෙට සිට ආරම්භ වන නීතිඥයින්ගේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින්.

රටවල් පහක නීතිඥවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන නීතීඥයින්ගේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක උත්සවය කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගණයේදී අද පැවැත්වුණා.
(lknews.lk)