ආනයනය කරන ලද පොහොරවල ප්‍රමිතිය පිළිබඳ හෙළිදරව්වක්

December 22, 2024 - 10:54 AM
මෙරටට ආනයනය ලද මියුරේට් ඔෆ් පොටෑෂ් (MOP) පොහොර තොගයේ ප්‍රමිතිය පිළිබඳව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ආනයනය කරන ලද පොහොර තොගයේ සංයුතිය පිළිබඳ විශ්ලේෂණ වාර්තාව සහ පරීක්ෂා කරන ලද අනෙකුත් ප්‍රමිතීන්ට අනුව පොහොර තොගයේ ප්‍රමිතිය පිළිබඳව බිය නොවිය යුතු බවත් එම නිවේදනයේ සඳහන්.

එම පොහොරවල වර්ණය එහි පවතින ඛනිජ ලවණ මත තීරණය වන අතර යකඩ ඔක්සයිඩ් පවතින විට රතු පැහැයක් ගන්නා බවත් එසේ නොමැති විට සුදු පැහැයක් ගන්නා බවත් පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙනවා.

පාංශු විද්‍යාව පිළිබඳ විද්‍යාඥ රේණුකා සිල්වා ලබාදුන් වාර්තාවට අනුව මෙම නිවේදනය නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

(lknews)