පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් ගැන හෙළිදරව්වක්
January 07, 2025 - 4:06 PM
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය මඟින් සිදුකරන ලද විමර්ශනයන්ට අනුව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 747ක් අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කළා.
ඒ අද (07) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.
අමාත්‍යවරයා කියා සිටියේ නීතිපතිවරයා විසින් සැකකරුවන් සහ සැකකාරියන් 100කට මහාධිකරණයේ නඩු 14ක අධිචෝදනා ගොනු කර ඇති බවයි.
එමෙන්ම මේ දක්වා සිදුකරන ලද විමර්ශන අනුව සිවිල් සාක්ෂිකරුවන් 12දෙනෙක්, හමුදා සාමාජිකයන් 7දෙනෙක්, පොලිස් නිලධාරීන් 24දෙනෙක් සහ බන්ධනාගාර නිලධාරීන් 3දෙනෙක් ඇතුළු පුද්ගලයන් 48දෙනෙක්ගෙන් ප්‍රකාශ සටහන් කර ගනිමින් පවතිනවා.
(lknews)