චර්ම රෝග ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති බවට හෙළිදරව්වක්

February 12, 2024 - 12:36 PM

මේ දිනවල පවතින අධික වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් චර්ම රෝගවල ව්‍යාප්තියක් දක්නට ලැබෙන බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.

ඒ අනුව දිනකට දෙපාරක් හෝ නෑමට ඉඩ ප්‍රස්ථාව දරුවන්ට ලබා දිය යුතු බවයි වෛද්‍ය දීපාල් පෙරේරා මහතා කියා සිටියේ.

මීට අමතරව චර්ම රෝග ඇති අයෙක් නම් උදෑසනට හා රාත්‍රීයට විනාඩි 20ක් පමණ කාලයක් ජලයේ සිටීමෙන් එම තත්ත්වය පාලනය කර ගත හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

හතිය වැනි රෝග ලක්ෂණ සහිත දරුවන්ට ද මේ දිනවල නෑමට අවස්ථාව ලබා දිය යුතු බවයි ඔහු පැවසුවේ.
(lknews.lk)