බොර තෙල් මිලේ ඉහළ යෑමක්

December 15, 2023 - 12:18 PM
ලබන වසරේ පොලී අනුපාත අඩු කිරීම් තුනක් සිදු වන බවට අමෙරිකානු ෆෙඩරල් බැංකුව සිදු කළ පුරෝකථනය අනුව ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල ඊයේ (14) ඉහළ යෑමක් පෙන්නුම් කර තිබෙනවා.

ඒ අනුව බ්‍රෙන්ට් බොර තෙල් මිල ඩොලර් 76 ට ආසන්න වූ අතර ඇමරිකානු ඩබ්ලිව් ටී අයි බොර තෙල් බැරලයක්ද ඩොලර් 71 ඉක්මවා ගොස් ඇති බවයි සඳහන් වන්නේ.

අමෙරිකානු ෆෙඩරල් බැංකුවේ එම තීරණය කොටස් බැඳුම්කර සහ රත්‍රං මිල සඳහාද බලපෑම් කෙරෙනු ඇතැයි අපේක්ෂිත බවට වාර්තා වනවා.
(lknews.lk)