දකුණු කොරියාවේ දරුණු ලැව්ගින්නක්
April 29, 2025 - 10:53 AM
ගිනිකොණ දිග දකුණු කොරියාවේ දරුණු ලැව්ගින්නක් පැතිර යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එහි අවදානම සැලකිල්ලට ගනිමින් 1,200 ඉක්මවූ පිරිසක් තාවකාලික කඳවුරු වෙත යොමු කර ඇති බවයි.
සෝල් අගනුවර සිට කිලෝමීටර 233ක් ගිනිකොන දෙසින් පිහිටි ඩෙගු නගරය ආශ්‍රිතව ගින්න හට ගෙන ඇති බව සඳහන් කරනවා.
ඊයේ (28) පස්වරුවේ හටගත් ගින්නෙන් මේ වනවිට හෙක්ටයාර 200කට අධික භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.
ගිනිනිවීමේ මෙහෙයුම් සඳහා ගිනිනිවන සේවකයින් 1,500කට අධික සංඛ්‍යාවක් යොදවා ඇති අතර ඒ සඳහා ගුවන්යානා ද 50කට අධික සංඛ්‍යාවක් යොදවා ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළා.
ඒ අනුව අද වනවිට ලැව්ගින්න තරමක් පාලනය කිරීමට ගිනිනිවන සේවකයින් සමත්ව ඇති බවයි වාර්තා වන්නේ.
(lknews.lk)