අනුරාධපුර පාසල් දරුවන් ගැන භයානක හෙළිදරව්වක්

March 17, 2024 - 3:04 PM
අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් යන දරුවන්ගෙන් 28%ක් මන්දපෝෂණයෙන් පෙළෙන බවට තොරතුරු වාර්තා වී ඇති බව ලංකා ගුරු සංගමය පවසනවා.

මේ හේතුවෙන් එම ප්‍රදේශයේ දරුවන්ගේ පාසල් පැමිණීමද සැළකිය යුතු අන්දමින් අඩු වී ඇති බව එහි සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා කියා සිටියා.

ලංකා ගුරු සංගමය වැඩිදුරටත් පැවසුවේ, මෙරට පාසල් යන දරුවන්ගෙන් 16%ක් මන්ද පෝෂණ තත්වයෙන් පෙළෙන බව බ්‍රිතාන්‍යයේ වෛද්‍ය සඟරාවකින් හෙළිකර ඇති බවයි.
(lknews.lk)