වෙලඳපොළෙහි සම්බා සහල් හිඟයක්

November 28, 2023 - 9:57 AM
ඊයේ (27) දිනය වන විට වෙලඳපොළෙහි සම්බා සහල් හිඟයක් මතුව තිබෙනවා.

අස්වනු නෙලීමට සති හතක් තිබියදී ගොවියාගෙන් අඩු මුදලට වී මිලදී ගැනීමේ අරමුණින් මෙලෙස සහල් හිඟයක් ඇති කර තිබෙන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා සඳහන් කළා.

ඔහු පැවසූවේ, මහාපරිමාණ මෝල් හිමියන් මෙලෙස සහල් හිඟය ඇති කිරීමට මූලිකත්වය ගෙන ඇති බවයි.
(lknews.lk)