වෙඩි තැබීමකින් හිමිනමක් අපවත් වෙති

January 23, 2024 - 3:31 PM
අද (23) පෙරවරුවේ ගම්පහ මල්වතු හිරිපිටිය විහාරස්ථානයක හිමිනමක් වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

මෝටර් රථයකින් පැමිණි සැකකරුවන් 04 දෙනෙකු හිමිනමට වෙඩි තබා පළා ගොස් ඇති අතර වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ හිමිනම ගම්පහ රෝහලට ඇතුලත් කෙරුණා.

රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිමිනම අද දහවල් අපවත් වී ඇති බව පොලීසිය සඳහන් කළා.

මෙලෙස අපවත්වී ඇත්තේ 45 හැවිරිදි, කළපළුවාවේ ධම්ම රතන නැමති කහටාන, ඝනාරාම මහා විහාරස්ථානයේ වැඩසිටි හිමිනමක් බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් මල්වතු හිරිපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරන බව සඳහන්.
(lknews.lk)