ඇමරිකානු ඩොලරයේ සුළු පහත වැටීමක්

February 22, 2024 - 6:23 PM
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (22) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව ඊයේ (21) දිනයට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයේ විකුණුම් සහ ගැනුම් මිල අද දිනයේ සුළු පහත වැටීමක් වාර්තා කර තිබුණා.

ඒ අනුව අද දිනයේ ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල සඳහන් වූයේ රුපියල් 306. 53ක් ලෙසයි.

ඊයේ දිනයේ ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 307.14ක් ලෙස සටහන් වුණා.

එමෙන්ම අද දිනයේ ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 316. 06ක් ලෙස සටහන් වී තිබුණා.

ඊයේ දිනයේ ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ 316. 81ක් ලෙසයි.
(lknews.lk)