ඩොලරයේ සුළු පහත වැටීමක්

February 01, 2024 - 4:59 PM
ශ්‍රී ලංකා මහා බැංකුව විසින් නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව ඩොලරයේ සුළු පහත වැටීමක් පෙන්නුම් කරනවා.

ඒ අනුව රුපියල් 310.14ක් ලෙස අද දිනයේ ඇමෙරිකානු ඩොලරයක ගැණුම් අගය සටහන් වී තිබු අතර ඊයේ දිනයේ ඇමෙරිකානු ඩොලරයක ගැණුම් අගය සටහන් වුයේ රුපියල් 312ක් ලෙසයි.

එමෙන්ම අද දිනයේ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 312.17ක් ලෙසත් ඊයේ දිනයේ  ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 321. 85ක් ලෙසත් සටහන් වී තිබුණා.
(lknews.lk)