බොරතෙල් මිලෙහි සුලු ඉහළ යාමක්

January 04, 2024 - 9:06 AM
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඊයේ සුලු ඉහළ යාමක් පෙන්නුම් කළා.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 76 මට්ටමේ පැවතුණු අතර ඩබ්ලිව් ටී අයි තෙල් මිල ඩොලර් 70 සීමාවට ළඟා වුණා.

කෙසේ වෙතත් ජනවාරි 2 වනදා එක් අවස්ථාවකදී බොරතෙල් මිල ඩොලර් 76 දක්වා ඉහළ ගිය අතර පසුගිය දින 8 පුරාම එය පැවතියේ ඩොලර් 80 ට අඩු අගයකයි.
(lknews.lk)