ශ්‍රී පාද බැතිමතුන්ට විශේෂ නිවේදනයක්

February 23, 2024 - 5:06 PM
සති අන්ත දීර්ඝ නිවාඩුවත් සමඟ දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට ශ්‍රී පාද වන්දනා සඳහා වන්දනාකරුවන් විශාල පිරිසක් පැමිණෙමින් සිටින බව වාර්තා වනවා.

ඒ හේතුවෙන් සාමාන්‍ය දුම්රිය ගමන් වාරවලට අමතර ව විශේෂ දුම්රිය කිහිපයක් ද ධාවනයට එක්කර ඇති බව සඳහන්.

දුම්රියෙන් පැමිණෙන වන්දනාකරුවන්ට නල්ලතණ්නිය දක්වා ප්‍රවාහන පහසුකම් සැපයීමට ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ රැසක් ධාවනයට එක්කර ඇති බව පැවසුවා.
(lknews.lk)