පාසල් ළමුන්ට විශේෂ නිවේදනයක්

February 28, 2024 - 2:46 PM
අධික උණුසුම් කාලගුණය තවදුරටත් ඉහළ යා හැකි බැවින් අද (28) හෙට (29) සහ අනිද්දා (29) යන දිනවල පාසල් සිසුන් එළිමහනේ රැඳවීමෙන් වළකින ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව ඉහළ උෂ්ණත්වය ඇති අවස්ථාවන්හි එළිමහන් බාහිර ක්‍රියාකාරකම් වල සිසුන් යෙදවීමෙන් වළකින ලෙස එම නිවේදනයේ සඳහන් වනවා.

සියලුම පාසල් විදුහල්පතින්ට මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා මේ වන විටත් උපදෙස් ලබා දී තිබෙනවා.
(lknews.lk)