රෝහලක කොන්ඩම් බාහාලූ විශේෂ පෙට්ටියක් සොරකම් කෙරේ

December 22, 2023 - 12:48 PM
යාපනය, පේදුරුතුඩුව රෝහලේ තබා තිබූ කොන්ඩම් 600ක් බාහාලූ විශේෂ පෙට්ටිය පුද්ගලයෙකු විසින් හොර රහසේ රැගෙන ගොස් තිබෙනවා.

මේ පිළිබඳව එම රෝහලේ වෛද්‍යවරුන් විසින් ඊයේ (20) පොලිසියට දනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

සමාජ රෝග වැළැක්වීමටත්, ඒඩ්ස් සමාජ රෝගයෙන් ආරක්ෂා වීම සඳහාත්, මෙම කොන්ඩම් පෙට්ටි සහන සැලැසීමක් ලෙස ලෝක ඒඩ්ස් දිනය වෙනුවෙන් පේදුරුතුඩුව රෝහලේ ස්ථාපනය කර ඇති බව සඳහන්.

යාපනය ශික්ෂණ රෝහලේ සංකල්පයක් මත යාපනයේ සෑම රෝහලකටම මෙවැනි කොන්ඩම් අඩංගු කළ විශේෂ පෙට්ටි ලබා දී තිබෙනවා.

වෛද්‍යවරු පවසන්නේ එසේ ලබා දෙන කොන්ඩම් අවශ්‍ය අයෙකුට නොමිලේ ලබා ගැනීමට පහසුකම් සපයා තිබෙන අතරවාරයේ දී පුද්ගලයෙකු විසින් මුළු කොන්ඩම් පෙට්ටියම සොරා ගෙන ඇති බවයි.

මේ පිළිබඳව වැඩිදුර විමර්ශන පේදුරුතුඩුව පොලිසිය විසින් සිදු කරනු ලබනවා.
(lknews.lk)